01 November 2025

logo

සෞඛ්‍ය ඇමති බ්‍රිතාන්‍යයේදී විශේෂ ඉල්ලීමක් කරයි



පසුගිය කාලය තුළ විවිධ හේතූන් මත මෙරට රාජ්‍ය සේවය අතහැර විදෙස් ගත වූ විශේෂඥ වෛද්‍යවරුන්ට නැවැත සේවය සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස විදේශගතව සිටින විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් විශේෂ ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ පසුගියදා එක්සත් රාජධානියේ සිදු කළ සංචාරය අතරතුර එරට මහකොමසාරිස් කාර්යාලය විසින් සංවිධානය කර තිබූ වෛද්‍යවරුන්ගේ හමුවක් අමතමින්.

එහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කාලේ ශ්‍රී ලංකාවේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟයක් පවතින බවයි.

ඒ අනුව මෙරටින් බිහි වූ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සේවාව මේ අවස්ථාවේදී මෙරටට අත්‍යාවශ්‍ය බව ඔහු අවධාරණය කළා.

(COLOMBOTIMES.LK)