01 November 2025

logo

ෂොපිං බෑග් නීතිය අද සිට ක්‍රියාත්මක වෙයි



පොලිතීන් බෑග් සඳහා වෙළඳසැල් මඟින් මිල අයකිරීමක් සිදුකළ යුතු බවට නිකුත් කළ ගැසට් නිවේදනය අද (01) සිට ක්‍රියාත්මක වනවා.

ඒ අනුව අද සිට පාරිභෝගිකයන්ට භාණ්ඩ අලෙවි කිරීමේදී එම වෙළඳසැල් විසින් ෂොපිං බෑග් වැනි පොලිතීන් බෑග් සඳහා මිලක් අයකළ යුතුයි.

මේ වන විට පොලිතීන් භාවිතය තුළින් දැඩි පාරිසරික විනාශයක් සිදුවන බව අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව ඊට පිළියමක් වශයෙන් පොලිතීන් බෑග් භාවිතය අවම කිරීමේ අරමුණ ඇතිව මෙම පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

(COLOMBOTIMES.LK)