මෝටර් රථයක් සහ වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් අද (12) අනතුරක් සිදු වී තිබෙනවා.
ඒ පුත්තලම - කොළඹ ප්‍රධාන මාර්ගයේ මුන්දලම නවදන්කුලම ප්‍රදේශයේයි.
එම අනතුරෙන් පුද්ගලයන් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙන බවයි වාර්තා වන්නේ.
මෝටර් රථයේ ගමන් කළ කාන්තාවන් දෙදෙනෙක් සහ පිරිමි පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත් වී තිබෙන බව පොලීසිය සඳහන් කළා.
(colombotimes.lk)
