17 February 2026

logo

IMF කළමනාකාර අධ්‍යක්ෂවරිය දිවයිනට



ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා අද (16) පස්වරුවේ කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළින් මෙරටට පැමිණ තිබෙනවා.

ඒ තෙදින නිල සංචාරයක් සඳහායි.  

ඇයගේ මෙරට සංචාරය අතරතුර 'දිට්වා' සුළි කුණාටුවෙන් මෙරටට සිදු වූ බලපෑම පිළිබඳවද සෘජුවම නිරීක්ෂණය කිරීමට නියමිතව තිබෙනවා.
 
එමෙන්ම රජයේ බලධාරීන් සහ ප්‍රධාන පාර්ශවකරුවන් හමු වී සාකච්ඡා පැවැත්වීමටද කටයුතු යොදා තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)