01 July 2025

logo

කටාරයේ පිහිටි ඇමෙරිකානු කඳවුරට ප්‍රහාර කළ හේතුව ඉරානය පළමුවරට හෙළි කරයි



කටාරයේ පිහිටි ඇමෙරිකානු කඳවුරට එල්ල වූ ප්‍රහාරය 'ආත්මාරක්ෂාව සඳහා වූ අභ්‍යාසයක්' බව ඉරානය පවසනවා. 

අල් උදෙයිද් කඳවුරට එල්ල වූ මිසයිල ප්‍රහාරය එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ 51වන වගන්තිය යටතේ නීත්‍යානුකූල ප්‍රතිචාරයක් බවයි ඉරාන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශකයා ජාත්‍යන්තර මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ.

ඉරිදා දින ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන 03කට පහර දෙමින්, එක්සත් ජනපදය විසින් සිදු කරන ලද 'ඉරානයේ භෞමික අඛණ්ඩතාව සහ ජාතික ස්වෛරීභාවයට එරෙහි ප්‍රකෝප නොකළ ආක්‍රමණයට' පළිගැනීමක් ලෙස මෙම ප්‍රහාරය සිදු වූ බව ඔහු සිය X ගිණුමේ සටහනක් තබමින් කියා සිටියා.

ඉරානය අසල්වැසියන් සමඟ ඇති සබඳතා අගය කරන බව ඔහු අවධාරණය කළ අතර එක්සත් ජනපදය කලාපය තුළ 'බෙදීමක්' ඇති කිරීමට උත්සාහ කරන බවට අනතුරු ඇඟවීමකද මින් කර තිබෙනවා.



(colombotimes.lk)