මීට වසර මිලියන 150කට පමණ පෙර ජීවත් වූ, දැවැන්ත හිසක් සහිත සාගර කැස්බෑවෙකුගේ සිරුරක් යුරෝපයෙන් සොයාගෙන තිබෙනවා.
Solnhofia Parsonsi නම් මෙම ජුරාසික් කැස්බෑවාගේ සම්පුර්ණ පොසිල කිහිපයක් සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව විද්‍යාඥයන් කැස්බෑවාගේ හැඩය සහ ව්‍යුහය ප්‍රථම වරට හෙළිදරව් කර තිබුණා.
වර්තමාන මුහුදු කැස්බෑවාට වඩා මෙම පොසිලයේ සිටින කැස්බෑවාගේ අත් පා ගොරෝසු බවයි මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ කණ්ඩායම හෙළිකළේ.
ඒ අනුව මොවුන් විවෘත සාගරයේ පිහිනීමට වඩා වෙරළබඩ ජලයේ පිහිනීම සිදුකර ඇති බව සඳහන්.
(colombotimes.lk) 


