මහනුවර - නුවරඑළිය ප්‍රධාන මාර්ගය ගැරඬිඇල්ල ප්‍රදේශයෙන් අද (26) පස්වරුවේ සිට තාවකාලිකව වසා දමා තිබෙනවා.
කොත්මලේ පොලීසිය සඳහන් කළේ ගැරඬිඇල්ල ප්‍රදේශයෙන් ප්‍රධාන මාර්ගයට ගල් පර්වත කිහිපයක් කඩාවැටීමේ අවදානමක් හේතුවෙන් මෙලෙස වසා දමා තිබෙන බවයි.
මේ වන විටත් ගල් කොටස් කිහිපයක් ගැල වී මාර්ගයට ඉහළින් රැඳී ඇති අතර වාර්ෂාවත් සමඟ එම කොටස් මාර්ගයට වැටීමේ අවදානමක් පවතිනවා.
කොත්මලේ පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ නුවරඑළියට පිවිසීමට විකල්ප මාර්ග භාවිතා කරන ලෙසයි.
(colombotimes.lk)
