26 November 2025

logo

සෝමාවතිය පුදබිමට පිවිසෙන මාර්ගය වසා දමයි



පොළොන්නරුව දිස්ත්‍රික්කයට මේ වන විට ඇදහැලෙමින් පවතින අධික වර්ෂාවත් සමඟ මහවැලි ගඟ පිටාර ගැලීම හේතුවෙන් සෝමාවතිය - සුංගාවිල ප්‍රධාන මාර්ගය අද (26) ප.ව. 4.00 සිට වසා තැබීමට පොළොන්නරුව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය කටයුතු කර තිබෙනවා. 

සෝමාවතිය - සුංගාවිල මාර්ගයේ දිග්ගල ප්‍රදේශයේ කිලෝමීටර් 35-37 කණු අතර ප්‍රදේශය මේ වන විට අඩි 02ක් පමණ ජලයෙන් යටවී තිබෙන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)