24 September 2025

logo

ඉන්දු - ශ්‍රී ලංකා විදේශ කටයුතු ඇමතිවරු අතර හමුවක්



විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජේ. ජයශංකර් හමුවී තිබෙනවා. 

ඒ ඇමරිකාවේ නිව්යෝක්වලදී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80වන සැසිවාරය අතරතුරදීයි. 

එහිදී දෙපාර්ශවය අතර ශ්‍රී ලංකා ඉන්දීය මිත්‍රත්වය සහ සමීප සහයෝගීතාව පිළිබඳ නැවතත් තහවුරු කර තිබෙනවා. 

මේ අතර අමාත්‍ය විජිත හේරත් ඇමරිකානු නියෝජ්‍ය රාජ්‍ය ලේකම් ඇලිසන් හූකර් මහත්මියද හමුවී තිබෙන බවයි වාර්තා වන්නේ. 

එහිදී දෙරට අතර සහයෝගීතාව ශක්තිමත් කිරීම පිළිබඳ ඵලදායීව සාකච්ඡා කළ බව සිය X ගිණුමේ සටහනක් තබමින් විජිත හේරත් මේ බව සඳහන් කළා. 

(colombotimes.lk)