17 February 2026

logo

මහ කන්නයේ වී මිලදී ගැනීමේ අවම මිල ප්‍රකාශයට පත් කරයි



2025 - 2026 මහ කන්නයේ වී මිලදී ගැනීමේ වැඩසටහනට අනුව අදාළ මිල ගණන් ප්‍රකාශයට පත් කර තිබෙන බව වී අලෙවි මණ්ඩලයේ සභාපති ඒ. එම්. යූ. පින්නලන්ද ප්‍රකාශ කළා. 

ඒ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මේ වන විට පැවැත්වෙන ප්‍රවෘත්ති සාකච්ඡාවේදීයි.

ඔහු කියා සිටියේ කීරී සම්බා වී කිලෝවක් රුපියල් 140, සම්බා වී කිලෝවක් රුපියල් 130, නාඩු වී කිලෝවක් රුපියල් 120කට මිලදී ගැනීමට නියමිත බවයි. 

මෙවර වී මිලදී ගැනීම සඳහා රුපියල් බිලියන 10ක් වෙන් කර ඇති බව ද වී අලෙවි මණ්ඩලයේ සභාපති ඒ. එම්. යූ. පින්නලන්ද වැඩිදුරටත් සඳහන් කළා. 

(colombotimes.lk)