නයිජීරියාවේ ඊසානදිග Adamawa ප්‍රාන්තයේ පැය 24ක කාලයක් සඳහා ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
ඒ ප්‍රාන්ත අගනුවර වන යෝලා හි ආහාර ගබඩා කොල්ලකෑම හේතුවෙන්.
සියගණනක් මිනිසුන් ආහාර ගබඩාවලට කඩා වැදී, ධාන්‍ය ගෝනි මෙන්ම අනෙකුත් ආහාර ද්‍රව්‍ය රැගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
ආණ්ඩුකාර අහමදු උමරු ෆින්ටිරිගේ නියෝග මත ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා ආරක්ෂක නිලධාරීන් යොදවා ඇති බවද සඳහන්.
පසුගිය මාසයේදී නයිජීරියාව විසින් ඉන්ධන සහනාධාර කපා හැරීම හේතුවෙන් ආහාර සහ පෙට්‍රල් මිල ඉහළ යාමට හේතුවූ බවද විදෙස් මාධ්‍ය සඳහන් කළා.
(colombotimes.lk)