29 November 2022
සිංහල | English

අඩුවෙන් පෙට්‍රල් බෙදා හැරි පිරවුම්හලක් අල්ලයි



පෙට්‍රල් නිකුත් කිරීමේදී ලීටරයකින් 1.2%ක් අඩුවෙන් නිකුත්කළ ඉන්ධන පිරවුම්හලක පොම්ප 02ක් මුද්‍රා තැබීමට බලධාරීන් කටයුතු කර තිබෙනවා.

කොළඹ 07 හි පිහිටි ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ ඉන්ධන පිරවුම්හලක් පරීක්ෂා කිරීමෙදී ඒ බව තහවුරු වූ බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා කියා සිටියා.

ඒ අනුව සෑම ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයකින් ම රුපියල් 5.40ක් පාරිභෝගිකයාට පාඩුවී ඇති බව එම කොමිසම පවසනවා.

අදාළ පරීක්ෂාව සඳහා මහජන උපයෝගිතා කොමිසම, කාර්මික තාක්ෂණ ආයතනය සහ කිරුම් මිණුම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එක්වී තිබූ බව සඳහන්.
(colombotimes.lk)