උඩරට මාර්ගයේ අද (22) ධාවනය වීමට නියමිත දුම්රිය ගමන්වාර 02ක් අවලංගු කර තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ කොළඹ කොටුවෙන් අද (22) පෙරවරු 9.45ට ගමන් ආරම්භ කරන දුම්රිය සහ බදුල්ලෙන් අද පෙරවරු 10.20ට කොළඹ බලා ධාවනය වන දුම්රිය එලෙස අවලංගු කර ඇති බවයි.
මේ අතර ඉදල්ගස්හින්න සහ ඔහිය අතර මාර්ගයට පස් කන්ඳක් කඩා වැටී දුම්රියක් පීලි පැනීම හේතුවෙන් අඩාල වී තිබූ දුම්රිය ධාවනය මේ වන විට යථා තත්ත්වයට පත් කර තිබෙනවා.
(colombotimes.lk)
