11 July 2025

logo

Onmax DT සමාගමේ අධ්‍යක්ෂවරුන් පස්දෙනාට ඇප



නීතිවිරෝධී පිරමීඩ ව්‍යාපාරයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් Onmax DT පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරුන් පස්දෙනා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදා හැර තිබෙනවා. 

ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා විසින්. 
 
සෑම මසකම අවසන් ඉරිදා පෙරවරු 9 ත් 12 ත් අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ කොට්ඨාශයේ පෙනී සිටින ලෙස ද අධිකරණය සැකකරුවන්ට නියෝග කළා. 
 
ඒ අනුව ‘Onmax DT’ පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරුන් වන අතුල ඉන්දික සම්පත්, ගයාෂාන් අබේරත්න, සම්පත් සඳරුවන්, සාරංග රන්දික ජයතිස්ස සහ ධනංජය ජයන් ඇප මත මුදා හැරුණා.
(colombotimes.lk)