colombotimes.lk
සිංහල | English

30 April 2024

ප්‍රභාස් සහ දීපිකා පදුකෝන්ගේ "කල්කි 2898 AD" කල් යයි



2024 ලෝක් සභා මැතිවරණය හේතුවෙන් ප්‍රභාස් සහ දීපිකා පදුකෝන් රඟන කල්කි 2898 AD චිත්‍රපටය නිකුත් කිරීම කල් දමා ඇති බව වාර්තා වනවා.

මැයි 9 වන දින තිරගත වීමට නියමිතව තිබූ මෙම චිත්‍රපටය නිකුත් කිරීමේ දිනය වෙනස් කිරීම සම්බන්ධයෙන් නිෂ්පාදකයින් ළඟදීම නිල ප්‍රකාශයක් කරනු ඇති බවයි සඳහන් වන්නේ.

විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක් වන මෙය අධ්‍යක්ෂණය කර ඇත්තේ Yevade Subramanyam සහ Nag Ashwin විසින්.

මෙම චිත්‍රපටයට ප්‍රවීණ නළු අමිතාබ් බච්චන් සහ කමල් හසන් ද රංගනයෙන් දායකත්වය ලබා දී තිබෙනවා.
 
(colombotimes.lk)