24 September 2025

logo

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතීම අද පස්වරුවේ



ජනාධිපති අනුර කුමාර දිසානායක අද (24) එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතීමට නියමිතව තිබෙනවා. 

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ජනාධිපතිවරයා එරට වේලාවෙන් අද පස්වරු 3.15ට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතීමට නියමිත බවයි. 

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80වන සැසිවාරයට සහභාගී වීම සඳහා දිවයිනෙන් පිටත්ව ගිය ජනපති ඊයේ (23) ඇමරිකාවට ළඟා වී තිබෙනවා. 

මෙම සංචාරය අතරතුරදී ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා සහ රාජ්‍ය නායකයන් කිහිපදෙනෙක් සමඟ ද්වීපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට ද නියමිතයි. 

ඊට අමතරව ජනාධිපති අනුර කුමාර දිසානායක ඇමරිකා එක්සත් ජනපදයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් සමඟ හමුවකට ද සහභාගී වීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා. 

එමෙන්ම ජනාධිපතිවරයා ඇමරිකා සංචාරයෙන් අනතුරුව ජපානයේ නිල සංචාරයක නිරත වීමට ද නියමිතයි. 

(colombotimes.lk)