17 February 2026

logo

ජනපති හෙට ඉන්දියාවට



ජනාධිපති අනුර කුමාර දිසානායක AI Impact Summit 2026 සඳහා සහභාගීවීමට හෙට (17) පස්වරුවේ ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ විශේෂ ආරාධනයකට අනුව ජනාධිපතිවරයා මෙලෙස ඉන්දියාව බලා පිටත්ව යන බවයි වාර්තා වන්නේ. 

කෘතිම බුද්ධිය මානව වර්ගයාගේ යහපත උදෙසා වගකීම් සහගතව භාවිත කිරීමේ අරමුණින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් මෙම සමුළුව පැවැත්වෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ජනාධිපති අනුර කුමාර දිසානායක එළඹෙන 19වනදා සමුළුව ඇමතීමට නියමිත බවයි. 

(colombotimes.lk)