08 February 2025


කොත්තු සහ රයිස් මිල ගණන් අද සිට අඩුවෙයි



අද සිට බත් පැකට්ටුවක සහ කොත්තුවක මිල අඩු කිරීමට ආපනශාලා හිමියන් තීරණය කර තිබෙනවා. 

ගෑස්, ඉන්ධන සහ තිරිඟු පිටි මිල අඩු කිරීමෙන් පසු මෙසේ මිල ගණන් සංශෝධනය කරන බවයි සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පැවසුවේ. 
 
මිල සංශෝධනය වෙළෙඳුන්ට බලපාන නමුත් අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල අඩුවීමේ වාසිය පාරිභෝගිකයින්ට ද හිමිවිය යුතු බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් සභාපති අසේල සම්පත් සඳහන් කළේ. 
 
එමෙන්ම ආහාර සහ බේකරි ද්‍රව්‍ය සාධාරණ මිලකට ලබාදිය යුතු බවත් එසේ නොවුණහොත් දීර්ඝ කාලීනව ආපනශාලා සහ හෝටල්වල ව්‍යාපාරික කටයුතු අවසන් වන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)