30 September 2022
සිංහල | English

හිටපු ජනපතිගේ එතෙර වියදම් දරණ ආකාරය ගැන නිවේදනයක්



හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විදේශයන්හිදී කරන කිසිඳු වියදමක් සඳහා රජයේ මුදල් වැය නොකරන බවත් එම සියලු වියදම් හිටපු ජනාධිපතිතුමාගේ පෞද්ගලික මුදලින් දරනු බවත් නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. 

 
සතියේ ඇමති මණ්ඩල තීරණ දැනුම් දීම පිණිස රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ ඊයේ (16) පැවති මාධ්‍ය හමුවේදී හිටපු ජනාධිපතිවරයාගේ එතෙර වියදම් ගැන මාධ්‍යවේදියෙක් ප්‍රශ්නයක් යොමුකළා. 
 
හිටපු සහ වත්මන් ජනාධිපති වරුනට නීතියෙන්ම ඇතැම් වරප්‍රසාද හිමි බවට ඊට පිළිතුරු දෙමින් ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කළ සඳහන හිටපු ජනාධිපතිවරයාගේ එතෙර වියදම් සඳහා රජය මුදල් වැය කරන බව ඇඟවෙන අයුරින් ඇතැම් මාධ්‍ය විසින් වාර්තා කර තිබුණ බවත් එම නිවේදනයේ සඳහන්. 
 
මේ සම්බන්ධව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය පහතින්...
(colombotimes.lk)