28 November 2022
සිංහල | English

වැරදි බොරතෙල් ආනයනය ගැන චෝදනාවට අමාත්‍යවරයාගෙන් පිළිතුරු



ආනයනික බොරතෙල්වල ප්‍රමිතිය සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ (PUCSL) සභාපතිවරයා විසින් කරන ලද චෝදනාවලට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් නීත්‍යානුකූලව ප්‍රතිචාර දක්වන බව අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසනවා. 

 
තෙල් සංස්ථාව සතුව ප්‍රමාණවත් ඩීසල් සහ ඉන්ධන තෙල් තොග ඇති බවයි Twitter පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා කියා සිටියේ. 
 
ලක්ෂපාන ජල විදුලි බලාගාරයේ බිඳවැටීමක්, ඩීසල් සහ ඉන්ධන තෙල් සඳහා ලංවිමේ මුදල් ප්‍රමාණවත් නොවීම සහ හයිඩ්‍රෝ කළමනාකාරිත්වවේ ගැටලුවක් හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩලය විසින් දීර්ඝ විදුලි කප්පාදුවක් ඉල්ලා තිබෙන බව ඔහු වැඩිදුරටත් එහි දක්වා තිබෙනවා. 
 
බලධාරීන් වැරදි වර්ගයේ බොරතෙල් ආනයනය කර ඇති බැවින් දෛනික විදුලි කප්පාදුව දීර්ඝ කර ඇති බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක හෙළි කිරීමෙන් පසුව මෙම හෙළිකිරීම සිදුකර තිබෙනවා. 
 
මෙරට මාධ්‍ය නාලිකාවක් සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ජනක රත්නායක මහතා කියා සිටියේ අලුතින් ආනයනය කරන ලද බොරතෙල් තොගයේ වැරදි ආකාරයේ නැෆ්තා දියරයක් අඩංගු බවයි. 
 
අලුතින් ආනයනය කරන ලද බොරතෙල් තොගයේ නැප්තා වල සල්ෆර් ඉහළ අනුපාතයක් අඩංගු වන අතර එය බලාගාරවල විදුලිය නිෂ්පාදනය සඳහා භාවිතා කළ නොහැකි බවයි ඔහු පැවසුවේ.
(colombotimes.lk)