28 November 2022
සිංහල | English

ඉන්දියන් සාගරය අත්භූත කොළ පැහැයකට හැරෙයි



කොළ පැහැයේ ඇති වැදගත්කම පිළිබඳව ඔබ අසා තිබෙනවද ?

කොළ පැහැය යනු පුද්ගලයෙකුට විශාල කායික සහ මානසික බලපෑමක් ඇති කිරීමට සමත්වූ වර්ණයක්.

එමඟින් පුද්ගලයා තුළ තරුණ ජවය ඇති කරන අතර ආතතිය අඩු කිරීමටද සමත්වන බව සඳහන්.

එපමණක් නොව මෙය ආරක්ෂාවේ සංකේතයක් ලෙසද භාවිතා කරනවා.

නිදසුනක් ලෙස, සෞඛ්‍ය, ආරක්ෂාව සහ රැකවරණය සම්බන්ධ වෙළෙඳ දැන්වීම්වල බහුලව යොදා ගන්නේ මේ කොළ පැහැයයි.

නමුත් අද අපි කොළ පැහැය ගැන කතා කරන්නේ මීට හාත්පසින්ම වෙනස් මාතෘකාවකට අදාළවයි.

The footage also snaps a striking view of the moon, which in tu  lights up the Coral Sea east of Australia with its glint

එනම් පසුගිය දිනක මුළු ඉන්දියන් සාගරයම කොළ පැහැයෙන් වැසී පැවති ආකාරය ගගනගාමියෙකු විසින් පටිගත කර ගැනීමට සමත්වීමයි.

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ නාසා ගගනගාමියෙකු විසින් මෙය පටිගත කර ගැනීමට සමත්වී තිබුණා.

එහි දැක්වෙන ආකාරයට කොළ පහය ඉන්දියන් සාගරය හරහා කක්ෂගතවීමක් සිදුවන අයුරු ඔහුගේ වීඩියෝවේ දැක්වෙනවා.

එමෙන්ම මෙම දර්ශනය සඳෙහි කැපී පෙනෙන දසුනක් ද ලබා දීමටද උපකාරී වී තිබෙනවා.

එහි දැක්වෙන්නේ ඕස්ට්‍රේලියාවට නැගෙනහිරින් කොරල් පර සහිත මුහුදු ප්‍රදේශය මතුපිට කොළ පැහැති දීප්තිමත් ආලෝකයක් තිබීමයි.

Talk about an out of this world view — this spectacular timelapse video captures what the Northe  Lights look like from space

විද්‍යාඥයින් මෙය Auroras ලෙස හඳුන්වන අතර මෙම ගැටීම පියවි ඇසට දර්ශනය වන ආකාරය මෙම වීඩියෝවේ දැක්වෙන බවද සඳහන් කර තිබෙනවා.

එමෙන්ම ඔවුන් සඳහන් කරන්නේ මෙය පෘථිවියේ සිට ඉහළ අහස දෙස බලන පුද්ගලයෙකුට පවා දැකගත හැකි බවයි.

එය බොහෝවිට ඇලස්කාව, කැනඩාව, අයිස්ලන්තය, ග්‍රීන්ලන්තය, නෝර්වේ, ස්වීඩනය සහ ෆින්ලන්තය වැනි පෘථිවියේ උතුරු ප්‍රදේශවලට දිස්වේ.

එමෙන්ම පෘථිවියේ දකුණු පසින් ඇති ටස්මේනියාව සහ නවසීලන්තය වැනි ස්ථාන වලදීද මෙසේ Aurora දැකගත හැකි බව සඳහන්.

මෙලෙස අපට දැකගත හැකි Aurora වර්ග දෙකක් ඇති අතර, ඉන් පළමුවැන්න Aurora Borealis හෙවත් 'උතුරේ උදාව'යි.

දෙවැන්න Aurora Australis හෙවත් 'දකුණේ උදාව' ලෙස හැඳින්වෙනවා.

සූර්යයාගේ සිට විද්‍යුත් ආරෝපිත අංශු පෘථිවි වායුගෝලයට ඇතුළු වීම හේතුවෙන් මෙම Aurora නිපදවෙන බව විද්‍යාඥයින් පවසනවා.

මෙම අංශු, සූර්ය කුණාටුවක් ලෙසද හැඳින්වෙනවා.

නමුත් ප්‍රබල කුණාටු වලදී මෙම අංශු වායුගෝලයට ඇතුළු වී හයිඩ්‍රජන් සහ හීලියම් ඇතුළු වායු අංශු සමඟ ගැටීම සිදු වනවා.

මෙම ගැටීම් හේතුවෙන් ආලෝකය නිකුත් වේ.

එය කොළ සහ රෝස පැහැයන් වලින් බොහෝ විට දිස්වන නමුත් Auroral displays සඳහා බොහෝ වර්ණ ඇතුලත් වේ.

මේවා නිරත දැකගත හැකි වන්නේ සීත ඍතුවේදී වීම විශේෂත්වයක්.

It was recorded by a NASA astronaut on the Inte ational Space Station and shows an orbital pass over the aurora-draped Indian Ocean

ඒ අනුව මෙම වීඩියෝ පටයේ දැක්වෙන්නේ Aurora මඟින් වැසී ගිය ඉන්දියන් සාගරයේ, ඔස්ට්‍රේලියාවට නැගෙනහිරින් සඳ එළිය පතිතවූ මුහුඳු තීරය දිස්වන ආකාරයයි.

පෘථිවි වායුගෝලය Aurora මඟින් දීප්තිමත් වීමට අකුණු සැර වැදීමෙන් සහ පෘථිවියේ ඇතිවූ කුණාටු වල ප්‍රතිඵල හේතුවෙන් ඇතිවූ තත්ත්වයන්ද උපකාරී වී ඇති බව සඳහන්.

එය වසර 11 ක සූර්ය චක්‍රයේ වඩාත්ම ක්‍රියාකාරී අවධිය කරා පැමිණීමේ ප්‍රතිඵලයක් ලෙසද හැඳින්වෙනවා.

එමෙන්ම සූර්යයාගේ ක්‍රියාකාරකම්වල මෑත කාලීන වැඩිවීමක් පෙන්නුම් කරන බවත් එය 2024 දී උපරිම තත්ත්වයකට පැමිණෙන බවත් විද්‍යාඥයින් පවසනවා.

මේ සම්බන්ධයෙන් සිදුකරන ලද අධ්‍යයනවලින් පෙන්නුම් කර ඇත්තේ දැනට සිදුවෙමින් පවතින සූර්ය ක්‍රියාකාරකම් වල මට්ටම මීට වසර 11 කට පෙර, පසුගිය චක්‍රයේ එම අවස්ථාවේදී පැවති මට්ටමට සමාන බවයි.

Auroras occur when particles from incoming solar storms strike gases in our planet

එමෙන්ම මාස දෙකකට පෙර, ජූලි 19 වන දින, පෘථිවියට දෙසට සූර්ය කුණාටුවක් පැමිණ තිබෙනවා.

එය පෘථිවියට පතිත වීමත් සමඟ උතුරු එක්සත් ජනපදය සහ කැනඩාව හරහා දම් වර්ණයකින් යුතු Auroras දැකගත හැකි වූ බවද සඳහන්.

ඔබටත් සමහර අවස්ථාවල රාත්‍රී අහස දෙස බලන විට මෙවැනි Aurora දැකගත හැකියි.

අපේ පැරණි මුතුන් මිත්තන් මෙවැනි එළි 'දේවතා එළි' නමින් හඳුන්වා තිබෙන බව බොහෝ දෙනෙකුගේ මතය වී තිබෙනවා.

මේ හේතුවෙන් බොහෝ දෙනෙකු මේ Aurora ගුප්ත දෙයක් ලෙස සලකා තිබීම විශේෂත්වයක් වනවා.

Aurora පමණක් නොවේ, ගුප්ත දේවල් ලෙස පැරැන්නන් සැළකූ බොහෝ දේ ඔබට මෙලෙස රාත්‍රී අහසේදී දැකගත හැකි වනවා.

මෙවැනිම විශේෂ තවත් අර්ථවත් දේවල් පිළිබඳව තොරතුරු දැනගන්න Colombo Times සමඟ දිගටම රැඳී සිටින්න.
Vimarshana Samarakoon @ COLOMBO TIMES