යතුරු පැදියක් විදුලි කණුවක ගැටීමෙන් පෙරේදා (30) මාරක අනතුරක් සිදුවී තිබෙනවා.
ඒ වලස්මුල්ල බෝවල මාර්ගයේදීයි.
අනතුරින් එහි ගමන් ගත් දෙදෙනාගෙන් එක් පුද්ගලයෙක් මියගොස් ඇති අතර බරපතළ තුවාල ලැබූ අනෙක් පුද්ගලයා මාතර මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
මියගිය පුද්ගලයා වයස අවුරුදු 23ක් වන වලස්මුල්ල, ඇත්පිටිය ප්‍රදේශයේ පදිංචි තරුණයෙක්.
(colombotimes.lk)
