01 February 2026

logo

මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී අනතුරක්



මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් අද (01) අලුයම අනතුරක් සිදුවී තිබෙනවා.

ඒ අනුරාධපුර ගල්කුලම පොලිස් මාර්ග බාධකය ආසන්නයේදීයි.

පොලීසිය සඳහන් කළේ අනතුර සිදු වූ ස්ථානය වංගු සහිත ස්ථානයක් වූ බැවින් අනුරාධපුර සිට පැමිණි මෝටර් රථයට වේගය පාලනය කිරීමට නොහැකිව දකුණු පසින් ධාවනයවීම හේතුවෙන් මෙම අනතුර සිදු වී ඇති බව මූලික විමර්ශන වලදී අනාවරණය වූ බවයි.

අදාළ අනතුරින් අනුරාධපුර සිට පැමිණි මෝටර් රථයේ රියදුරු ඇතුළු එහි ගමන්ගත් සිව්දෙනා සහ අනෙක් මෝටර් රථයේ ගමන් ගත් එක් අයෙක් රෝහල් ගත කර තිබෙනවා.

එමෙන්ම මෝටර් රථ දෙකෙහිම ඉදිරිපස කොටස්වලට අනතුරින් බරපතළ හානි සිදු වී ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)