වෙඩිතබා පුද්ගලයෙක්ට තුවාල සිදු කිරීමේ අපරාධයකට අවශ්‍යකර සිටි 39 හැවිරිදි සැකකරුවෙක් හෙරොයින් සමඟ ඊයේ (31) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ පොලිස් විශේෂ කාර්ය බළකා මොරටුව කඳවුරේ නිලධාරීන් විසින් හිගුරාන ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදීයි.
අදාළ සැකකරු පසුගිය ජූලි 11වනදා හිරණ ප්‍රදේශයේදී පුද්ගලයෙක්ට වෙඩිතබා තුවාල සිදු කිරීම හා පානදුර පොලිස් වසමේ පුද්ගලයෙක්ට වෙඩි තබා ඝාතනය කිරීමට සැලසුම් කිරීම සම්බන්ධයෙන් අවශ්‍යකර සිටි අයෙක් බවයි වාර්තා වන්නේ.
එම සැකකරුව අත්අඩංගුවට ගන්නා විට ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 13ක් සොයාගෙන තිබෙනවා.
(COLOMBOTIMES.LK)
