24 September 2025

logo

තිස්සකුට්ටිට සාගරගෙන් දැඩි අවවාද



හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්කුට්ටි ආරච්චිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් දැඩි ලෙස අවවාද කර තිබෙනවා.

ඒ ප්‍රසිද්ධ රැස්වීම්වලදී වගකීම් විරහිත ප්‍රකාශ කිරීමෙන් වළකින ලෙස දැනුම්දෙමින්.  
 
මෙම අවවාදය දුරකථන මාර්ගයෙන් සිදු කර තිබෙනවා. 

තිස්කුට්ටි ආරච්චි මෑත කාලීනව සිදු කළ බව කියන මතභේදාත්මක ප්‍රකාශ පක්ෂය තුළ සැලකිය යුතු කනස්සල්ලක් ඇති කර තිබෙන බවයි වාර්තා වන්නේ. 

ඊට ප්‍රතිචාර වශයෙන් පොහොට්ටුව මෙම දැඩි අවවාදය සිදුකර තිබෙනවා. 

එමෙන්ම හෙට (25) දිනයේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්කුට්ටි ආරච්චිට පක්ෂ කාර්යාලයට කැඳවීමක් ද සිදුකර ඇති බවයි වාර්තා වන්නේ. 

පසුගියදා අනුරාධපුරයේ පැවති රැස්වීමක් අමතමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්සකුට්ටි ආරච්චි මේ බව සඳහන් කර තිබෙනවා. 

(colombotimes.lk)