02 February 2026

logo

WATCH VIDEO | සැමන් මත්ස්‍යයන් සොම්බි බවට පත්වෙයි



එක්සත් රාජධානියේ මත්ස්‍ය ගොවිපලක සිටි මත්ස්‍යයන් ශරීරයෙන් විශාල මස් කැබලි අතුරුදහන් වී තිබෙනවා.

එමෙන්ම තුවාල සහිතව මත්ස්‍යන් පිහිනමින් සිටින ආකාරය කැමරාවක සටහන් වී තිබුණා.

මත්ස්‍යන්ගේ තුවාල බිහිසුණු සහ දරුණු වූ බවයි වාර්තා වන්නේ.

මෙම සිදුවීම ත්‍රාසජනක හොල්මන් චිත්‍රපටයක දර්ශනයක් ලෙස උපකල්පනය කළ හැකි බවද එම මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.

මේ හේතුවෙන් එම මත්ස්‍යයන් සොම්බි බවට පත්ව ඇති සැමන් ලෙස බොහෝ දෙනා හඳුන්වා ඇති බව සඳහන්.

මේ සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මත්ස්‍යයන් සිටි ගොවිපොළ පිළිබඳ පරීක්ෂණයක් දියත් කළ බවයි.

පසුව සැමන් මත්ස්‍යයාට සීල් මත්ස්‍යයින් විසින් පහර දුන් බව විශ්වාස කරන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)