ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ආරම්භ කළ උපවාසය තවදුරටත් තීව්‍ර කරමින් පාසල් සංවර්ධන නිලධාරීන් අද (02) ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා.
ඒ තමන් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරන ලෙස ඉල්ලමින්.
මෙම මාරාන්තික උපවාසයේ නිරත වූ තවත් සංවර්ධන නිලධාරියෙක් ඊයේ (01) රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
වසර 06කට වැඩි කාලයක සිට පාසල්වල ඉගෙනුම් කාර්යයේ නිරත පාසල් සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරන ලෙස ඉල්ලා ඔවුන් මෙම උපවාසය ආරම්භ කර තිබෙනවා.
(colombotimes.lk)
