05 November 2025

logo

වෙරළ තීරයකින් සැක සහිත පාර්සලයක් හමුවෙයි



කළුතර දකුණ පොලිස් බල ප්‍රදේශයට අයත් කටුකුරුන්ද වෙරළ තීරයට අද (05) උදෑසන මත්ද්‍රව්‍ය බවට සැක කෙරෙන පාර්සලයක් ගොඩගසා තිබෙනවා. 

කිලෝ 10ක පමණ බරැති පාර්සලයක් මෙලෙස වෙරළට ගොඩගසා තිබියදී ඒ අසල සංචාරක හෝටලයක සේවකයන් දැක ඒ පිළිබඳව ආරක්ෂක අංශ දැනුවත් කර තිබෙන බවයි වාර්තා වන්නේ. 

ඉන්පසුව පොලිස් විශේෂ කාර්ය බළකාය පැමිණ එම පාර්සලය ඉදිරි විමර්ශන කටයුතු සඳහා රැගෙන ගොස් තිබෙනවා. 

මෙම පාර්සලය මුහුදේ පාවී ආවේද නැතිනම් කිසියම් පුද්ගලයෙක් පැමිණ මෙම ස්ථානයේ දමා ගොස් තිබේද යන්න පිළිබඳව කළුතර කටුකුරුන්ද පොලිස් විශේෂ කාර්ය බළකාය සහ කළුතර දකුණ පොලීසිය විමර්ශන සිදු කරන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)