05 November 2025

logo

අයවැයට වෛද්‍ය සංගමයෙනුත් යෝජනාවලියක්



2026 අයවැය සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය යෝජනාවලියක් ඉදිරිපත් කර තිබෙනවා.

වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේ වෛද්‍යවරුන් සහ රෝහල් පද්ධතිය මුහුණදී ඇති ගැටළු විසඳමින් නිදහස් සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීමට තිරසාර සහ ශක්තිමත් වැඩපිලිවෙළක් ඇති කිරීම සඳහා මෙම යෝජනාවලිය ඉදිරිපත් කළ බවයි.

ආර්ථික හා දේශපාලන අස්ථාවරත්වය හමුවේ ප්‍රමාණවත් වැටුප් නොලැබීම, අහිතකර වෘත්තිය පරිසරය සහ අධික බදු බර හේතුවෙන් 2,000කට අධික වෛද්‍යවරුන් පිරිසක් මෙරටට අහිමි වී ඇති බවත් තවත් 5,000කට අධික පිරිසක් රට හැර යාමට සූදානම් වෙමින් සිටින බවත් ඒ තුළින් ඔවුන් පෙන්වාදී තිබෙනවා.

(colombotimes.lk)