මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියා කණ්ඩායම අතර තරගය අද (16) පැවැත්වෙනවා.
පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගය පස්වරු 7.00ට ආරම්භ වීමට නියමිතයි.
ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර තරගාවලියේ ක්‍රීඩා කළ තරග 2ම ජයග්‍රහණය කරමින් B කාණ්ඩයේ පෙරමුණ හිමි කරගෙන තිබෙනවා.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගය ජයග්‍රහණය කළහොත් සුපිරි 8දෙනාගේ තරග වටයේ සිය ස්ථානය තහවුරු කර ගැනීමට සමත් වනවා.
ශ්‍රී ලංකාව ක්‍රීඩා කළ පළමු තරගය අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව ලකුණු 20කින් සහ දෙවන තරගය ඕමානයට එරෙහිව ලකුණු 105කින් ජයග්‍රහණය කළා.
(colombotimes.lk)
