21 January 2026

logo

දෙවන පාසල් වාරය අද ඇරඹෙයි



රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2026 අධ්‍යයන වර්ෂයේ පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් ආරම්භ වනවා. 

අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ අදින් ආරම්භ වන 2026 පළමු පාසල් වාරයේ දෙවන අදියර පෙබරවාරි මස 13වනදා දක්වා ක්‍රියාත්මක වන බවයි. 

2025 සාමාන්‍ය පෙළ විභාගය හේතුවෙන් පෙබරවාරි මස 14වනදා සිට මාර්තු මස 02වනදා දක්වා පාසල් සඳහා යළි නිවාඩු ලබාදීම සිදු වන බව එම අමාත්‍යාංශය සඳහන් කළා. 

කෙසේවෙතත් රාමසාන් උත්සවය හේතුවෙන් මුස්ලිම් පාසල්වලට පෙබරවාරි 14වනදා සිට මාර්තු මස 22වනදා දක්වා නිවාඩු ලබාදෙන බවයි සඳහන් වන්නේ. 

(colombotimes.lk)