01 February 2026

logo

නවම් පුර පසළොස්වක පොහොය දිනය අදයි



නවම් පුර පසළොස්වක පොහොය දිනය අදට (01) යෙදී තිබෙනවා.

බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම සංඝ සම්මේලනය පවත්වා සැරියුත් මුගලන් හිමිවරුන්ට අගසව් තනතුර පිරිනැමීම අද වැනි පොහොය දිනයක සිදුවූ බව බෞද්ධ ඉතිහාසයේ සඳහන්.

එමෙන්ම ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කිරීම සහ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමට තුන් මසකට පෙර විශාලා නුවර චාපාල චේතිය අසළදී ආයු සංස්කාරය අත්හැරීමද සිදුකර ඇත්තේ අද (01) වැනි නවම් පොහොය දිනයකදීයි.

(colombotimes.lk)