05 November 2025

logo

ඉල් පුර පසළොස්වක පොහොය දිනය අදයි



ඉල් පුර පසළොස්වක පොහොය දිනය අදට (05) යෙදී තිබෙනවා. 

මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ විවරණ ලැබීම ඇතුළු බෞද්ධ ඉතිහාසයේ වැදගත් කරුණු රැසක් අද වැනි පොහොය දිනක සිදුවී ඇති බව ශාසන ඉතිහාසයේ සඳහන්.

ප්‍රථම ධර්මදූත හැටනම ධර්ම ප්‍රචාරණයේහි යෙදවීම, තුන්බෑ ජටිලයන් දමනය කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ උරුවෙල් දනව්වට වැඩම කරවීමද අද වැනි පොහොය දිනක සිදුවී තිබෙනවා. 

(colombotimes.lk)