අගෝස්තු මාසයේදී සුපිරි සඳ දෙකක් පායන බවත් ඉන් එකක් දුර්ලභ නිල් චන්ද්‍රයෙක් බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙම සුපිරි සඳ සංසිද්ධිය සිදු වන්නේ පූර්ණ චන්ද්‍රයෙකු පෘථිවියට ආසන්නතම ස්ථානයට ආසන්නව පැමිණි විට බව සඳහන්.
එය සාමාන්‍ය සඳට වඩා 14% කින් විශාල වන අතර, දුර අනුව සසඳන විට 30% ක් දීප්තියෙන් වැඩි වන බවයි වාර්තා වන්නේ.
මෙහි පළමු දර්ශනය අගෝස්තු 1 වනදින පළමුවරට දැකගත හැකි බව සඳහන්.
ඒ, සැතපුම් 222,159 (කිලෝමීටර් 357,530) දුරින් ගිනිකොන දෙසින්.
පසුව අගෝස්තු 30 බදාදා දෙවන පූර්ණ චන්ද්‍රයා පායන අතර එය නිල් සඳක් ලෙස හැඳින්වෙයි.
එය සැතපුම් 222,043 (කිලෝමීටර් 357,344) දුරින් දිස්වන බව සඳහන්.
(colombotimes.lk)
