22 November 2025

logo

සුළු ගංවතුර තත්ත්වයක් ගැන අනතුරු ඇඟවීමක්



ගිං සහ නිල්වලා ගංඟා ද්‍රෝණිවල ඉහළ සහ මධ්‍යම ධාරා ප්‍රදේශවලට ඇදහැලෙන අධික වැසි හේතුවෙන් සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පිළිබඳව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. 

වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඉදිරි පැය 24 තුළ මෙලෙස සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බවයි. 

නෙළුව, තවලම, නාගොඩ, නියාගම, වැලිවිටිය - දිවිතුර, ඇල්පිටිය සහ අක්මීමන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ජනතාව අවධානයෙන් පසුවිය යුතු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළා. 

එමෙන්ම නිල්වලා ගංඟා ද්‍රෝණියේ ජල මට්ටම හේතුවෙන් ඉදිරි පැය 24 තුළ පස්ගොඩ, කොටපොල, පිටබැද්දර, අකුරුස්ස, අතුරලිය, මාලිම්බඩ, කඹුරුපිටිය සහ තිහගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බවයි වාර්තා වන්නේ.
 
මේ අතර රාජාංගනය ජලාශයේ වාන් දොරටු 04 ක් සහ අංගමුව ජලාශයේ වාන් දොරටු 02ක් විවෘත කිරීමටද පියවර ගෙන තිබෙනවා.

(colombotimes.lk)