22 November 2025

logo

ජලයෙන් යටවූ ප්‍රදේශවල උසස් පෙළ සිසුන් බෝට්ටු මඟින් විභාග මධ්‍යස්ථාන වෙත



ගාල්ල සහ මාතර දිස්ත‍්‍රික්කවල ස්ථාන කිහිපයක් ජලයෙන් යටවීම හේතුවෙන් අපහසුතාවට පත් උසස් පෙළ සිසුන්ට විභාග මධ්‍යස්ථානවලට යාමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි ලියනගේ පවසනවා. 

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ මෙම දිස්ත්‍රික්ක දෙකෙහි ඇතැම් ස්ථාන ජලයෙන් යටවී ඇති බවත් ඒ හේතුවෙන් ගමනාගමනයට බාධා එල්ල වී තිබෙන බවයි. 
 
ඒ අනුව උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින පාසල් දරු දැරියන්ට විභාග මධ්‍යස්ථාන වෙත ළඟාවීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මඟින් බෝට්ටු කිහිපයක් මේ වන විට යොදවා තිබෙනවා. 

(colombotimes.lk)