13 July 2025

logo

ශවේන්ද්‍ර ඇතුළු පිරිසකට එක්සත් රාජධානියෙන් සම්බාධක



ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය අතරතුර මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් වගකිව යුතු පුද්ගලයන්ට එක්සත් රාජධානිය විසින් සම්බාධක පැනවීමට කටයුතු කර තිබෙනවා.

ඒ අනුව හිටපු යුද හමුදාපතිවරුන් වන ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, ලුතිනන් ජනරාල් ජගත් ජයසූරිය සහ හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩට මෙලෙස සම්බාධක පනවා ඇති බවයි වාර්තා වන්නේ.

එසේම කලක් LTTE සංවිධානයේ නැගෙනහිර සන්නද්ධ අංශ නායකයා ලෙස කටයුතු කළ විනයාර්ගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන්ටද මෙලෙස සම්බාධක පනවා තිබෙනවා.

(colombotimes.lk)