29 November 2022
සිංහල | English

වවුලන්ගෙන් මිනිසුන්ට බෝවන වෛරසයක් හඳුනාගැනේ



වවුලන් අතරේ පැතිරෙන, වවුලන්ගෙන් මනුෂ්‍යයන්ට බෝ විය හැකි නව වෛරසයක් ගැන ඇමෙරිකන් විද්‍යාඥයින් පිරිසක් අනතුරු අඟවා තිබෙනවා.

මෙම වෛරසය නම් කර ඇත්තේ කොස්ටා 2 (Khosta-2) යන නමිනි.

ඒ අනුව මෙම වයිරසය, මනුෂ්‍ය සෛලවලට ඉක්මනින් ආසාදනය වන බවද ඔවුන් සඳහන් කරනවා.

විද්‍යාඥයින් වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේ වයිරසය සදහා කිසිදු ප්‍රතිකර්මයක් නොමැති බවයි.

මෙම වෛරසය 2000 වසරේදී ප්‍රථම වතාවට වාර්තා වී ඇත්තේ රුසියාවෙනි.

විද්‍යාඥයින් කොවිඩ් 19 වයිරසයේ ව්‍යාප්තියත් සමඟ මේ පිළිබඳව අවධානය යොමු කර ඇති අතර, එහිදී මෙම තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා.
(colombotimes.lk)