රට තුළ ආර්ථික සහ දේශපාලන ස්ථාවරත්වය ඇති කරමින් ශ්‍රී ලංකාව යළි යථා තත්ත්වයට ගෙන ඒමට ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය ගන්නා උත්සාහය බෙහෙවින් අගය කරන බව නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි වතිකානුවේ රාජ්‍ය සහ ජාත්‍යන්තර සංවිධාන සබඳතා පිළිබඳ ලේකම්, අගරදගුරු පෝල් රිචඩ් ගැලගර් හිමිපාණන් ප්‍රකාශ කළා.
ඒ ඊයේ (04) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක හමු වූ අවස්ථාවේදීයි.
එහිදී ආර්ථික ස්ථායීකරණයට මෙන්ම ජාතික සමගිය වර්ධනය කිරීමට ශ්‍රී ලංකාව දරන උත්සාහයන්ට වතිකානුවේ සහාය හිමි වන බවත් වතිකානුවේ අගරදගුරු පෝල් රිචඩ් ගැලගර් හිමිපාණන් ප්‍රකාශ කර තිබෙනවා.
(colombotimes.lk)
