25 March 2023
සිංහල | English

කාන්තා විස්සයි 20 ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම පිටත්වෙයි (PHOTOS)



දකුණු අප්‍රිකාවේ දී පැවැත්වීමට නියමිත කාන්තා විස්සයි 20 ලෝක කුසලානය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ රාත්‍රියේදී දිවයිනෙන් පිටත්ව ගියා. 

අත්දැකීම් බහුල ක්‍රීඩිකාවන් මෙන්ම යොවුන් ක්‍රීඩිකාවන් සම් මිශ්‍රණයකින් කණ්ඩායම සමන්විතයි. 
 
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පෙබරවාරි 6 වැනිදා අයර්ලන්තය සමඟින් සහ පෙබරවාරි 8 වැනිදා බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩිකාවන් සමඟින් පුහුණු තරග ද්විත්වයකට සහභාගී වීමට නියමිතයි. 
 
තරගාවලියේ මූලික වටයේ පළමු තරගය ලෙස ශ්‍රී ලංකාව පෙබරවාරි 10 වැනිදා සත්කාරක දකුණු අප්‍රිකාව සමඟින් තරග වැදීමට නියමිතයි. 
 
ශ්‍රී ලංකා කණ්ඩායමේ මූලික වටයේ තරග කාලසටහන 
  • පෙබරවාරි 10 – ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව 
  • පෙබරවාරි 12 – ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය 
  • පෙබරවාරි 16 – ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව 
  • පෙබරවාරි 19 – ශ්‍රී ලංකාව සහ නවසීලන්තය
(colombotimes.lk)
 
May be an image of 4 people, people standing and indoor
May be an image of 6 people, people sitting, people standing and indoor
May be an image of 8 people, people sitting and people standing
 
May be an image of 6 people and people standing
May be an image of 1 person, child, standing and indoor
May be an image of 6 people, child, people standing, indoor and outdoors
May be an image of 5 people and indoor