29 November 2022
සිංහල | English

විදේශ කටයුතු අමාත්‍යාංශයේ නව සේවාවක් ගැන දැනුම්දීමක්



විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශය 2022 සැප්තැම්බර් 29 දින සිට බලපැවැත්වෙන පරිදි සත්‍යාපන සේවා සඳහා විද්‍යුත් නාලිකා හමුවීම් පද්ධතියක් (e-Channeling Appointment System for authentication services) දියත් කිරීමට නියමිතයි.

 
SLT Mobitel සමඟ එක්ව විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් මෙම නව ක්‍රමය නිර්මාණය කර තිබෙනවා. 
 
ඒ අනුව කොන්සියුලර් කටයුතු අංශයේ සත්‍යාපන අංශයේ ඵලදායී සේවාවන් ලබාගැනීමට මෙමගින් මහජනතාවට පහසුකම් සැලසෙන බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේ. 
 
විද්‍යුත් චැනලින් පත්වීම් ක්‍රමය මගින් මහජනතාවට යාපනය, ත්‍රිකුණාමලය, මහනුවර, කුරුණෑගල සහ මාතර යන ප්‍රදේශයේ පිහිටි කොන්සියුලර් කටයුතු අංශයෙන් සහ එහි ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලවලින් ලේඛන සත්‍යාපනය සඳහා මාර්ගගතව හමුවීම් ලබා ගැනීමට හැකි වනවා. 
 
සත්‍යාපන සේවා අපේක්ෂා කරන මහජනතාවට හමුවීමක් ලබා ගැනීම සඳහා 225 (ජංගම ග්‍රාහකයින්) හෝ 1225 (ස්ථාවර දුරකථන ග්‍රාහකයින්) ඇමතීමෙන් සහ Mobitel e-channeling (www.echannelling.com) හරහා ඇමතීමෙන් හෝ www.mfa.gov.lk යන විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් මෙම සේවාව ලබාගත හැකියි. 
 
මේ සම්බන්ධව විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනය පහතින්...
(colombotimes.lk)