ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ අද (09) පැවැත්වීමට නියමිත හමුවට සහභාගී නොවීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර තිබෙනවා.
සර්ව පාක්ෂික ආණ්ඩු වැඩපිළිවෙල පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මෙම රැස්වීම පැවැත්වීමට නියමිතව තිබුණා.
ඒ වෙනුවට එම පක්ෂය ජනාධිපතිවරයා වෙත ලිඛිත යෝජනා ඉදිරිපත් කරන බවයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසුවේ.
කෙසේ වෙතත් ජනතා විමුක්ති පෙරමුණ සර්ව පාක්ෂික ආණ්ඩුවට සහය දැක්වීම හෝ ඊට එක් නොවන බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජනතා විමුක්ති පෙරමුණේ සාමාජික සුනිල් හඳුන්නෙත්ති කියා සිටියේ.
(colombotimes.lk)