02 February 2026

logo

යුක්‍රේන ජනාධිපතිවරයා පුටින්ට අභියෝග කරයි



රුසියාවට යුද්ධය යළි පැමිණෙන බව යුක්‍රේන ජනාධිපතිවරයා පවසනවා. 

මොස්කව් අගනුවරට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් යුක්‍රේන ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා. 
 
රුසියානු භූමියට පහරදීම නොවැළැක්විය හැකි ස්වභාවික සහ සාධාරණ ක්‍රියාවලියක් බව එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ යුක්‍රේන ජනපතිවරයා පැවසුවා. 
 
මේ වනවිට රුසියාව අභ්‍යන්තරයට එල්ලවන යුක්‍රේන ප්‍රහාර ඉහළ ගොස් ඇති අතර එම ප්‍රහාරවල වගකීම සෘජුවම භාර ගැනීමට ද යුක්‍රේනය කටයුතු කිරීම විශේෂත්වයක්.
(colombotimes.lk)