29 November 2022
සිංහල | English

රොබෝ තාක්ෂණයට පාර පෙන්වූ බූවල්ලා



ජෛව විවිධත්වය අනුව බූවල්ලා යනු හිස සහ අත් අටක් ඇති අපූරු ජීවියෙකි.

මෙම සතුන් ජීවත් වන්නේ සාගරයේ විවිධ ප්‍රදේශවල, විශේෂයෙන් කොරල්පර ආසන්නයේ වනවා.

ඔවුන් ක්‍රියාකාරී විලෝපිකයන් වන අතර ප්‍රධාන වශයෙන් රාත්‍රියේදී ගොදුරු දඩයම් කිරීම සිදු කරනවා.

බූවල්ලා ගැන කතා කිරීමේදී අපට අමතක කරන්න බැරිම කෙනෙක් තමයි 'පොල්' කියන බූවල්ලා.

පෝල් අවසන් පූර්ව තරඟයෙන් ස්පාඥ්ඥ්ය දිනන බවට පැවසූ අනාවැකිය හේතුවෙන් ලොව පූරා ඉතාමත් ජනප්‍රියත්වයට පත්වුණා.

ඒ වගේම මේ තරඟාවලියේදි බූවල්ලාගේ අනාවැකි 100% නිවැරදි වුණා.

Paul the Octopus predicts Spain to win | Stuff.co.nz

ඒ වගේම තමයි මේ අනාවැකි කීමේ අවස්ථාව යුරෝපය පුරාම සජීවීව ප්‍රදර්ශනය කෙරුණා.

නමුත් අද අපි කතා කරන්න යන්නේ අනාවැකිය කියන බූවල්ලා ගැන නෙමෙයි.

බූවල්ලා ගැන කරපු අපූරු පරීක්ෂණයක් ගැනයි.

උදාහරණයක් වශයෙන් සැලකූ විට මිනිසුන් එදිනෙදා ජීවිතයේදී භාවිතා කරන හුරු අතක් තිබෙනවා.

එය ක්‍රීඩා කිරීමේදී, රචනයක් ලිවීමට වැනි වෙනත් බොහෝ ක්‍රියාකාරකම් කිරීමේදී භාවිතයට ගැනෙන දකුණු හෝ වම් අතයි.

මෙය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ.

Our Favorite at Home Arm Workouts - Grant

ඒ අනුව බූවල්ලා ගැන සිදුකර ඇත්තෙත් මේ හා සමානම පරීක්ෂණයක්.

මිනසෝටා විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් කණ්ඩායමක් විසින් මෙම පරීක්ෂණය සිදුකර තිබෙනවා.

පරීක්ෂකයින් විසින් බූවල්ලා යොදාගෙන සිදුකරන ලද අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ තෝරා ගැනීමට අත් අටක් තිබුණද, බූවල්ලාට තමන්ට ප්‍රියතම උපග්‍රන්ථයක් (අතක්) ඇති බවයි.

ඒ අනුව පරීක්ෂණය කණ්ඩායම විසින් බූවල්ලා විවිධ ගොදුරු වලට පහර දෙන විට ඔවුන් නිතරම භාවිතා කරන උපග්‍රන්ථයක් ගැන නිරීක්ෂණය කර තිබෙනවා.

එමෙන්ම බූවල්ලන් මුහුදු පත්ල හරහා හෝ ජලය හරහා ගමන් කරන විට, ඔවුන්ගේ අත් අටම භාවිතා කිරීම විශේෂත්වයක්.

The Califo ia two-spot octopus, often simply called a "bimac", is an octopus species native to many parts of the Pacific Ocean including the coast of Califo ia

මීට අමතරව බූවල්ලන් නිතර දඟලමින් සිටින සත්ත්වයෙක් වන අතර ගවේෂණාත්මක චලනයන් සිදු කිරීම විශේෂ ආකාරයකට සිදු කරන බවද සඳහන්.

මෙම අධ්‍යනයෙන් පසු පරීක්ෂකයින් පවසන්නේ රොබෝවරුන් නිර්මාණය කිරීම සඳහා නව සංකල්පයක් ඔවුන්ට හමුවූ බවයි.

පරීක්ෂණය සිදු කිරීමේදී බූවල්ලන් ගොදුරු දඩයම් කිරීම සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කර ඇති අතර, ගොදුරු අල්ලා ගැනීමේදී එකම උපග්‍රන්ථයක් භාවිතා කරන බව දැක ගැනීමට ලැබී තිබෙනවා.

ඒ අනුව මෙය අහඹු ලෙස තම දෑත් භාවිතා කිරීමක්ද, නැතහොත් ඔවුන්ට මනාපයක් තිබේද යන්න තේරුම් ගැනීම සඳහා තවත් දීර්ඝ වශයෙන් අධ්‍යනය කර තිබෙනවා.

මේ සඳහා පර්යේෂකයන් විසින් කැලිෆෝනියාවේ ඇති ස්ථාන දෙකක් යොදා ගත් බව සඳහන්.

එමෙන්ම බූවල්ලා ටැංකියකට දමා, ඔහුගේ සෑම ඉරියව්වක්ම පටිගත වන අයුරින් කැමරා සවිකර තිබෙනවා.

Researchers from the University of Minnesota recorded octopuses attacking various prey, and found they preferred certain arms over others when hunting

එහිදී පර්යේෂකයන් විවිධ වර්ගයේ ගොදුරු බූවල්ලා සිටින ටැංකියට දැමූ විට, ඔවුන් හැසිරෙන ආකාරය පිළිබඳව ප්‍රතික්‍රියා වාර්තා කර ගෙන ඇති බව සඳහන්.

ඒ අනුව දැකගත හැකිවී ඇත්තේ කුමන ආකාරයේ ගොදුරක් පැමිණියද, සෑම විටම බූවල්ලා විසින් එකම අතක් භාවිතා කර ඇති බවයි.

මෙහිදී අනාවරණය කරගෙන ඇති තවත් විශේෂ කරුණක් වන්නේ බූවල්ලා ගොදුරේ වර්ගය අනුව විවිධ ප්‍රහාරක උපක්‍රම භාවිතා කරන බවයි.

එමෙන්ම පෙර පරීක්ෂණ මඟින් නිගමනය කර තිබූ බූවල්ලා ඉක්මනින් ඉගෙන ගන්නා, තරමක් බුද්ධිමත් සත්ත්වයෙක් යන්න මෙමගින් තවදුරටත් සනාත වී තිබෙනවා.

ඒ අනුව මෙම නව දත්ත ඇසුරෙන් පරීක්ෂණ කණ්ඩායම විසින් මීළඟ පරම්පරාවේ, මෘදු රොබෝවරුන් නිපදවීමට විශේෂ සැලැස්මක් සකස් කර ඇති බව ඔවුන් සඳහන් කළා.

එම රෝබෝවරයා නිර්මාණය කිරීමේ කටයුතු මේ වන විට පරීක්ෂණ මට්ටමේ පවතින බව සඳහන්.

එම ඉදිරි පරීක්ෂණ පිළිබඳව තොරතුරු දැනගන්න Colombo Times සමඟ දිගටම රැඳී සිටින්න.
(Vimarshana Samarakoon @ COLOMBO TIMES)