Disease X නමින් මාරාන්තික වසංගතයක්



Disease X නම් වසංගතයකට ඉතා ළඟදීම මුහුණ පෑමට සිදු වන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවනවා.

මෙය කොවිඩි වසංගතයට වඩා විසි ගුණයක් මාරාන්තික බවයි ඔවුන් සඳහන් කරන්නේ.

WHO අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය Tedros Adhanom Ghebreyesus අනතුරු අඟවන්නේ ලොව පුරා විනාශයක් ඇති කළ හැකි Disease X  සමඟ කටයුතු කිරීමට ලෝකය තවමත් සූදානම් නැති බවයි.

මෙම රෝගය දැනටමත් සතුන් අතර පැතිර යමින් තිබිය හැකි අතර, එය කුමන මොහොතක හෝ මිනිසාට සම්ප්‍රේෂණය වී ගෝලීය වසංගතයක් ලෙස පැතිර යනු ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය හා සෞඛ්‍ය විද්වතුන් විසින් අනතුරු අඟවනවා.

Disease X පිළිබඳව වෛද්‍යවරුන්ගේ අදහස වන්නේ, මෙය පැතිර යන ශ්වසන රෝගයක් විය හැකි බවත් එම රෝග කාරකය දැනට සංසරණය වෙමින් පවතින්නක් හෝ නව රෝගකාරකයක් හේතුවෙන් හටගන්නක් විය හැකි බවයි.
(colombotimes.lk)