01 February 2026

logo

චන්ද්‍රිකාවක් පෘථිවියට කඩා වැටෙන බවට අනාවරණයක්



ඉදිරි පැය කිහිපය තුළ යුරෝපීය චන්ද්‍රිකාවක් පෘථිවියට පතිත වීමට නියමිත බව යුරෝපා අභ්‍යවකාශ ආයතනය නිවේදනය කළා.

ERS-2 නැමති මෙම චන්ද්‍රිකාවේ ඇස්තමේන්තුගත බර රාත්තල් 5057ක ප්‍රමාණයක් වනවා.

1995 වර්ෂයේදී එම චන්ද්‍රිකාව පෘථිවි කක්ෂයට රඳවා යැවූ බවද සඳහන්.

මෙම චන්ද්‍රිකාව අධික වේගයකින් ගිනිගෙන දැවෙමින් ගුවනේදීම විනාශ වී පෘථීවියට කඩා වැටීමට නියමිතයි.

කෙසේ වෙතත් එයින් කිසිවෙකුටත් හානියක් සිදු නොවන බව යුරෝපා විද්‍යාඥයින් ප්‍රකාශ කර සිටිනවා.
(colombotimes.lk)