27 September 2022
සිංහල | English

කොවිඩ් අවසන් බව අමරිකානු ජනපති කියයි (VIDEO)



අමෙරිකා එක්සත් ජනපදය තුළ කොවිඩ් -19 වසංගතය අවසන් බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශ කර තිබෙනවා. 

 
කොවිඩ් වසංගය තවදුරටත් ගැටලුවක්ව පැවතිය ද එය වේගයෙන් සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බවයි ඔහු ප්‍රකාශ කර ඇත්තේ. 
 
CBS මාධ්‍ය ආයතනය වෙත සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් එම අදහස් පළකර තිබෙනවා. 
 
වෛරසය පාලනය කිරීම සඳහා තවත් බොහෝ ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව ද අමෙරිකානු ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 
 
කෙසේවෙතත් තවදුරටත් කොවිඩ් -19 වෛරසය හේතුවෙන් අමෙරිකානුවන් 400ක් පමණ දෛනිකව ජීවිතක්ෂයට පත්වන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)