30 September 2022
සිංහල | English

අවුරුදු 17ක් තිස්සෙ තාමත් ලැබෙන ඒ ආදරේ (VIDEO)



රියැලටි වැඩසටහන් වලින් කේෂ්ත්‍රයට පැමිණි අය අතුරින් ශිහාන් මිහිරංග කියන්නේ තරුණ තරුණියන් අතර උන්මාදයක් කිව්වොත් වැරදි නෑ. 

 
ශිහාන් කේෂ්ත්‍රයට එන්නත් කළින් තරග වට වලදී සිටින අවස්ථා වලදී පවා ඔහු වගේ අඳින්න පළඳින්න ඒ විදිහේ කොණ්ඩ විලාසිතා කරන්න ආස කරපු තරුණයොත් හිටියා. 
 
ඒ නිසාම ශිහාන්ට තියෙන ආදරේ අදටත් දශමයකින් හෝ අඩු නොවීමත් පුදුමයක්. 
 
එදා සිට මේ දක්වා සුපිරි තරු අතරින් ඉහළින්ම වැජඹෙන, තවමත් ඒ ආදරේ නොඅඩුව ලබන එකම තරුවත් ඔහුයි. 
 
තරු ගුණය අතින් තාමත් දිලිසෙන මේ ආදරණීය ගායකයා ඔහුගේ Facebook පිටුවට අපූරු වීඩියෝවක් එක් කර තිබුණා.
(colombotimes.lk)