03 July 2025

logo

නෝටන්බ්‍රිජ් - මස්කෙලිය ප්‍රධාන මාර්ගයේ නායයාමේ සහ පස් කඳු කඩා වැටීමේ අවධානමක්



නෝටන්බ්‍රිජ් මස්කෙලිය ප්‍රධාන මාර්ගයේ කිරිවන්එළිය පතන ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගය අභියස කොටසක් අද (04) දින නායගොස් ඇති බව නෝටන්බ්‍රිජ් පොලීසිය පැවසුවා. 

ඒ නෝටන්බ්‍රිජ් ප්‍රදේශයට ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟයි. 
 
මේ හේතුවෙන් එම මාර්ගයේ ගමන් ගන්නා වාහන ධාවනය කිරීමේදි මාර්ගයේ බැවුම ප්‍රදේශයෙන් රථ වාහන ධාවනය නොකරන ලෙසට නෝටන්බ්‍රිජ් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා. 
 
තවද එම මාර්ගයේ තවත් ස්ථාන කිහිපයක් නායයාමේ සහ පස් කඳු කඩා වැටීමේ අවධානමක් පවතින නිසා රථ වාහන ධාවනයේදී සැලකිලිමත්ව රිය ධාවනය කරන ලෙස නෝටන්බ්‍රිජ් පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.
(colombotimes.lk)