බංගලියන්ට ඇමරිකාවෙන් ඇප නැති කෑමක්



සංචාරක බංගලාදේශ කණ්ඩායම සහ ඇමරිකා එක්සත් ජනපද කණ්ඩායම අතර පැවති දෙවන T20 තරගයෙන් ලකුණු 06ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට ඇමරිකා එක්සත් ජනපද කණ්ඩායම සමත් වුණා.

මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඇමරිකා එක්සත් ජනපද කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 144ක් රැස් කළා.

ඇමරිකා එක්සත් ජනපද කණ්ඩායම වෙනුවෙන් පිටියට පැමිණි Monank Patel පන්දු 38කදී ලකුණු 42ක් සහ Aaron Jones පන්දු 34කදී ලකුණු ලකුණු 35ක් රැස් කිරීමට සමත් වුණා.

ලකුණු 145ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි බංගලාදේශ කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 03ක් අවසානයේ සියලුදෙනා දැවී රැස් කළේ ලකුණු 138ක් පමණයි.

ඒ අනුව තරග 03කින් සමන්විත ඇමරිකා බංගලාදේශ T20 තරගාවලිය 2-0 ලෙස ඇමරිකාව පෙරමුණ ගෙන සිටිනවා.
(colombotimes.lk)